අතුරුහන් වීමේ අවධියේ සිට ලියමි

සමාජෙට පේන්න ඉඳලා ඇති කියලා හිතුනා අන්තිමට. හැම වෙලාවෙම මිනිස්සුන්ට මාව පේන එකත්, මං මිනිස්සුන්ට පේන්න ඉන්න එකත් මටම එපා වුණා. මිනිස්සුන්ට පේන්න ඉන්න මං ඇත්තටම මං නෙමේනේ කියලා හිතෙන තරමට මගේ ජීවිතේ සංකීර්ණ වෙලා.
ජීවිතේ එක එක අවධීන් වල අපේ ලැබීම් නොලැබීම් අපිට දැනෙන විදිහ හරි වෙනස්. පුංචි කාලේ ඇත්තටම අපිට දේවල් නොලැබෙන එක හරි ලැබිලා නොලැබිලා යන එක හරි ඇත්තටම ගණන් ගත යුතු දෙයක් නෙමේ කියලා දැන් හිතෙන්නේ. හැබැයි වයසින් වැඩිවෙද්දි අපේ දේවල් අපිටම කරගන්න වෙන කාලේ වෙද්දී තමයි තේරෙන්නෙ  දේවල් නොලැබෙන එක, ලැබිලා නොලැබිලා යන එක පුදුම තරම් අමාරු හැඟීමක් කියලා.ඒකත් ජීවිතේ පටන්ගන්නම කාලේදි.ඉතින් මේ ලියන්නේ ජීවිතේ නැත්තටම නැති වෙලා ඉන්න මොහොතක. ඊළඟට මොකද කරන්නේ කියලා හැඟීමක් වත් නැති වෙලාවක ඉදන්. මොකද මට සියදිවි නසාගන්න බෑ. සියදිවි නසාගන්නවා වෙනුවට මං තෝරගත්තේ ලියන එක.
මං මේකට කියන්නම් මෙහෙම. මං එක ඉසව්වකින් අතුරුදහන් වෙලා තවත් ඉසව්වකින් මතුවෙන්නයි මේ හදන්නේ.



Comments