Skip to main content

Posts

Featured

ගැහැණු දෙන්නෙකුට වෙන් වුණ සින්දු දෙකක්

  මට අත්හැර ගන්න බැරි පුරුද්දක් තියනවා. ඇත්තටම ඒක අත්හැරිය යුතු පුරුද්දක් නෙමෙයි. ඒක ජීවිතේ රිද්මයකට තියාගන්න උදව් කරන හරි ලස්සන පුරුද්දක් . බස් එකකට නැග්ගොත් මං හොයන්නේ ජනේලේ අයිනේ සීට් එකක්. ඊට පස්සේ කොන්දොස්තරට සල්ලි දෙන්නත් කලින් මං හොයන්නේ මගේ කන් ඇබ දෙක. දෙයියනේ කියලා ඕක කණේ ගහගෙන මට කොළඹ ඉදන් යාපනේට වුණත් බස් එකක යන්න පුලුවන්. මගේ ප්ලේ ලිස්ට් එකේ තියන එක එක vibe එකට ගැලපෙන සින්දු එක්ක මට එක එක මනෝ ලෝක වලට පියාඹගෙන යන්න මහ ලොකු වෙලාවක් යන්නේ නෑ. ඒ මනෝ ලෝක වල ඉදගෙන මට අනාගතේ ගොඩක් දුරකට ඇවිදගෙන යන්න පුලුවන්. කවදාවත් ලැබෙයි කියලා හිතාගන්න වත් බැරි අනාගතයක් ගැන ලස්සනට මවාගෙන සැනසෙන්නත් පුළුවන්. ඉතින් ජීවිතේ සැනසෙන්න හේතු නැති වෙලාවකත් අපිට එහෙම ඒ විදිහට සැනසෙන්න පුළුවන් නේද කියලා මට හිතුණ වෙලාවල් අනන්නතවත් තියනවා. හරි දැන් මං කියන්න යන්නේ මෑතකදි මම අහන්න ගත්ත සින්දු දෙකක් ගැනයි. ඇත්තටම මේක අහම්බයක්ද මොකක්ද කියලා මටත් හිතා ගන්න බෑ. මගේ Play list එකට මෑතකදි ලස්සන සින්දු දෙකක් එකතු වුණා. එකක් තමයි මිහිඳු ආරියරත්නගේ ″ ප්‍රේමය නිසාමයි ‶ . උඹ එක්ක තනිවෙද්දි තනිකමට සමුදෙද්දි ...

Latest Posts

ඉරිතලා ගිය මිනිස්සු කියන්නෙත් වෙනම Art එකක්......

හිමිකමක් නැති නවාතැන්

අතැර අත්නොහැර

අතුරුදහන් වීමේ උත්සාහය ව්‍යවර්ථ වීම

අතුරුහන් වීමේ අවධියේ සිට ලියමි