අතුරුදහන් වීමේ උත්සාහය ව්‍යවර්ථ වීම

 සතියක් වත් අතුරුදහන් වෙලා ඉන්නයි plan එක තිබ්බේ. කොහෙද ඉතින් මේ යාලුවෝ කියන උන් එක්ක ඒක කරන්න බෑ නේ. මගේ උත්සාහය කුඩුපට්ටම් කරලා මං යන්න කැමතිම වුණ හීනෙකට ඊයේ රෑ මාව උස්සගෙන ගියා.


ඒක කවදාවත් සැබෑ වෙයි කියලා තුන් හිතක වත් නොතිබ්බ හීනයක්. මට ආයෙමත් මං පැය කිහිපයකට ජීවත් වෙනවා කියන හැඟීම දැනෙන්න ගත්තා.ඒ ලස්සන හීනෙ ඇතුලේ ජීවත් වෙනකොටත් මට අමතක කරන්න හදන කෙනෙක් මතකයට එන්න ගත්තා. ඇත්තටම මං එයාව අමතක කරන්න හදනවද නැත්නම් පරිස්සමට මගේ මතකයේම තියාගන්නවද කියලා මටත් වෙලාවකට ප්‍රශ්නයක්.
ඉතින් ඇත්තටම මට එයා එක්ක තියෙන්නේ මොන වගේ බැඳීමක්ද? මට ඇත්තටම හිතාගන්න බැරි තැනකයි මං තාමත් ජීවත් වෙන්නේ. හැබැයි එයාට නම් මාව තවත් එයාගේ ජීවිතේ හමුවුණ එක් නැවතුම්පලක් විතරයි කියලා මං දැනන් හිටියා.
කොහොමින් කොහොම හරි මේ දුප්පත් මනුස්සයගේ එක හීනයක් ඊයේ අහම්බෙන් වගේ සැබෑ වුණා. එච්චරයි මං දන්නේ.

ඊළඟට මොන හෙන ගෙඩියක් පාත් වෙයිද?


Comments