ඉරිතලා ගිය මිනිස්සු කියන්නෙත් වෙනම Art එකක්......
ඉරිතලා ගිය මිනිස්සු කියන්නෙත් වෙනම Art එකක්......
රිදිලා රිදිලා හෙම්බත් වෙලත්
ජීවිතේ අත් හරින්න හේතු ඕනෑවට වඩා තිබිලත්
ඇයි තවත් ජීවත් වෙන්නේ කියලා හිතාගන්න බැරුවත්
දන්න පාරක ඔහේ ඇවිදන් ගිහින්
හැමදාම දකින් මුහුදේ රැලි දිහා බලන් ඉදලත්
ඉර බහින හැටි අනේක වාරයක් දැකලත්
ඒ මිනිස්සුන්ට එපා වෙන්නේ නෑ.....
ඒ හැම දේකින්ම තමන්ට මිස් වුණ ජීවිතේ ආයෙ ආයෙමත් අල්ල ගන්න හැටි ඉගෙන ගන්නවා.....
වැරදුණේ කොතනද කියලා නොදැනත්
හෙට මොනවා වෙයිද කියලා නොහිතා
අහිමි වෙන හැමදේම දැකලත්
හරියන දවසක් ගැන ඉඟියක් වත් නැතුවත්
පුංචි දේකිනුත් මහ ගොඩක් සතුටු වෙන

Comments
Post a Comment